අපේ වීරවරුන් - කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි.

අපේ වීරයන්


යක්ෂ ගෝත්‍රික සටන් කරුවන්

අප පරම්පරාවට කොරතොට ආරච්චිවරුන් යන ගෞරව නාමය ලැබුණේ සීතාවක යුගයේ වුවද රාම රාවණා යුද්ධයෙන් එපිට ගිය ඓතිහාසික සාධක හා පාරම්පරික ඉතිහාසයට අනුව අප පරම්පරාවේ පැරණි සාමාජිකයින් යක්ෂ ගෝත්‍රිකයින් වන අතර එම නිසාවෙන්ම රාක්ෂශ අංගම් ශිල්පීය ක්‍රම අදටත් අප පරම්පරාව සතු ව පවතී. කෙසේ වුවත් එම පුරාණ සටන් කරුවන්ගේ නාමමාත්‍රික සාධක පමණක් අදට ඉතිරි වී ඇති අතර පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් විසින් තම ඇඟ ලේ ඇට මස් නහර පුදා කළ මහඟු මෙහෙයක ප්‍රතිඵලයක් ලෙස අදටත් අප ‍සතුව මෙම ශිල්පය පවතිනා බවයි.


සීතාවක රාජසිංහ රජතුමා නොහොත් ටිකිරි කුමාරයා

හංවැල්ල නගරයේ පිහිටි
ටිකිරි කුමාරයාගේ ප්‍රතිමාව
සන්නසක් ලෙස කොරතොරට
ආරච්චිවරුන්ට ලබා දුන්
රජසිංහ රජුගේ යුධ කස්ථානය

පළමුවන රාජසිංහ ( සීතාවක රාජසිංහ ), ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමාගේ නිර්භිතබාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය. පෙරදිග රටක් විසින් එවකට ලොව බලවත්ම ආක්‍රමණික හමුදාවක් හිමිවූ පරංගීන්ට එරෙහිව පළමුවන වෙඩිමුරය තැබූ එතුමා සමඟ එක්ව ගෝවේ පරංගි රජුට මර උණ ගැණුන මුල්ලේරියා මහා සංග්‍රාමයට යුද්ධ කිරීමේ ගෞරවය අප පරම්පරාවට හිමි විය.

මේ බව රාජාවලියේ සඳහන් වන්නේ "කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා ප්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ." යනුවෙනි.

මෙයට අමතරව මුල්ලේරියා සටන පිළිබඳව පෝල් ඊ පීරිස් මහතා ලියු පෘතුගීසි යුගය නම් ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. "කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප‍්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වු පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගිසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වුහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප‍්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය."

මුල්ලේරියා සංග්‍රාමයේ යුධකිරීම වෙනුවෙන් සන්නසක් ලෙස තමා මුල්ලේරියා සංග‍්‍රාමයට භාවිතා කළ යුද කස්තානය කොරතොට සටන් පරපුරට බාර දුන්නේය. රාජසිංහ රජුගේ අසිපත කොරතොට සටන් ශිල්පීහු අද දක්වා පණ සේ සුරකිති. යුද්ධයට සහභාගී වු කොරතොට ආරච්චි අංගං පරපුරට හේවාගං කෝරළය ලෙසට ගම්වරයක් ද ප‍්‍රදානය කළ අතර ඒ පිළිබඳ සලකුණු ගල් අද ද දක්නට තිබේ.


කොරතොට ආරච්චිවරුන් 18 දෙනා

රාජසිංහ රජු විසින්
කොරතොට ඉලංගක්කාරයන්
පුහුණු කරවූ රහසිගත ගල්ලෙන
කොරතොට ග්‍රමයේ ඇති
පුරාණ කෙහෙල්බටුවාව වැව

කොරතොට ආරච්චිවරු අතීත ලක්දිව විසූ ඇති ප්රමභල මෙන්ම දරුණුම ගණයේ අංගක්කරුවෝ වූහ. ඒ පිළිබව සාධක අපමණ ය. පෘතුගීසීන් සමූල ඝාතනය කරමින් මුල්ලේරියා සංග්‍රාමය විජයග්‍රහණය කිරීමට ඔවුන්ගේ රණ කාමීත්වයට අපූරු නිදසුනකි.

කෙසේවෙතත් කොරතොට ආරච්චිවරුන් හඳුන්වා දීමේදී රාජාවලියේ ඇති "කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා..." යන සටහන ගැන සඳහන් කළ යුතු ම වේ. මන්ද මෙහිදී සඳහන් වන්නේ "කොරතොට ආරච්චි" ලෙස නොව "කොරතොට ආරච්චිවරුන්" ලෙසට ය. එයට හේතුව වන්නේ කොරතොට ආරච්චි යනුවෙන් ඉතිහාසයයේ දී හැඳින්වූයේ එක් පරම්පරාවක් පමණක් නොවේ. පරම්පරා කිහිපයකි. එනම් කොරතොට සිටි ආරච්චිවරුන් යන්න කොරතොට ආරච්චිවරුන් යන්නෙන් අදහස් වේ. එනිසාම කොරතොට ආරච්චි නමින් වාසගම් පැමිණියේ නැත. පරම්පරා සමූහයක් වූ කොරතොට ආරච්චිවන්ගේ ප්‍රධානියා එනම් මුල් තැන ගත්තේ මහන්තාරච්චි පරම්පරාව වන අතර එයට සාක්ෂි කෞතුකාගාරයේ ඇති ඔරුවල සන්නස, කොරතොට දේවාල සන්නස ආදියේ ඕනෑතරම් විස්තර තිබේ. මෙයට අමතරව අප පරම්පරාවට උරුම වූ සන්නස්, පුස්කොල පොත් හා ආයුධවල කොටා ඇති සටහන් ආදියේ ඇති තොරතුරුවලින් ඒ බව මොනවට ඔප්පු කළ හැකි ය.

වත්මන් කොරතොට පරපුරේ අජ න්ත
ගුරුතුමන්, එතුමාගේ පියාණන් හා මලනුවන්

කෙසේවෙතත් මේහිදී ඉන් එක් පුස්කොල ග්‍රන්ථයක් වන පත්තිරු 60කින් යුත් "කොරතොට වත" නම් පුස්කොල ග්‍රන්ථයේ 21 වෙනි පත්තිරුව තුළ ඇති පහත සඳහන දක්වමු. "පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද...." මෙයින් පැහැදිලි වන්නේ මහන්තාරච්චි පරම්පරාව යනු එදා කොරතොට ආරච්චිවරුන්ගේ මුල් තැන ගත් පරම්පරාව වූ අතර අදට ද මෙහි සඳහන් අනෙක් පරම්පරාද කිහිපයක් කොරතොට හා ‍ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බවයි


නවරත්න මැණිකේ

කොරතොට ග්‍රාමාශ්‍රිතව ජීවත්වූ ටිකිරි කුමරුගේ සේනාංකයන්ගේ සිටි එකම සේනාධිපතිනියයි. මුල්ලේරියා මහා සංග්‍රාමයේදී සේනාංකයක් භාරව සිටි සටන් කාරියක් ලෙස ඉතිහාස ගත වී ඇත.


කොරතොට සෝභිත හිමි

කොරතොට විහාරය

කොරතොට රජමහා විහාරයේ ප්‍රතිමාවක් තනා අදටත් පුද සත්කාර කරන මෙම හිමියන් 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී කොරතොට රජමහා විහාරාධිපතිව වැඩසිටි හිමි නමකි. මිෂනාරී කටයුතු වලට හා 1915 සිංහල මුස්ලිම් කෝලාහල සමයේ සිංහලයන්ට මුස්ලිම් ජාතිකයන්ගෙන් වූ අකටයුතුකම්වලට එරෙහිව කටයුතු කළ ජාත්‍යාලය අගය කොට සැලකූ යතිවරයාණන් කෙනෙකි. ටී. එස්. ධර්මබන්දුගේ සිංහල වීරයෝ නම් පොතේ මෙතුමන් ගැන සඳහන් වන අතර "හික්කඩු‍ේ නායක හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ සහ කොරතොට සෝභිත හාමුදුරුවෝත් සමකාලීන මිතුයෝ ය. මේ තුන්දෙනාමගේ ප්‍රසිද්ධිය තුන් වැදෑරුම් ය. හික්කඩුවේ පණ්ඩිත කමටත්, මිගෙට්ටුවත්තේ වාදයටත්, කොරතොට චණ්ඩි කමටත් නම් දැරූහ" යන එම කෘතියේ සඳහන් උදෟතය තුළින් කොරතොට සෝභිත හිමියන් පිළිබඳව මනා චිත්‍රයක් ලොවට පෙන්වයි.

ඉංග්‍රීසීහු මෙම ශිල්පී පරපුර සමූල ඝාතනය කිරීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ ප්‍රධානතම මතය වූයේ සිංහලයා මැරීමටත් වඩා සිංහලයා තුළ සැඟවී ඇති හෙලකම මරා දැමීමය. ඔවුන් එම කර්තව්‍යයේ බොහෝ දුරට සාර්ථක වූ බවට අදටද බිහිවෙන සාධක තුළින් අපට පෙනී යයි. නමුත් එම හානිය අවම කිරීමට එවකට විසූ කොරතොට විහාරාධිපති කොරතොට සෝභිත, වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි නාහිමිවරුද මෙම ශිල්පය ප්‍රගුණ කළෝය.


කොරතොට ඇසිලින්

1970 ගණන්වල කොරතොට ආරච්චි පරම්පරාවලට අයත් වෙදමහතෙකුගේ දියණියකි. වෙද මහත්මයා මැරීමට පැමිණි හොරුන් හත් දෙනෙකුට සිහි නැතිවෙන්න ගසා පොලිසියට භාර දුන් ඇයට එම වසරේ වීර පදක්කම ලැබිණ. පසුව ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු ඇය අප මතකය නිවැරදි නම් ලංකාවේ ප්‍රථම පොලිස් කාන්තාව විය යුතු ය