Articles on Korathota Angampora Tradition

There were several traditional martial art families in Ancient Sri Lanka and the truth about current time is that most of those families are obsolete. From those ancient traditions, our ancestry was recognized as "Korathota Arachchi Tradition".

මුල්ලේරියා යුධ ජයග්‍රහණය සැමරීම

1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 450 වැනි සැමරුමයි.

 

සීතාවක රජවාසලේ විශ්වාසවන්තම බලකොටුව බවට පත් වුයේ කඩුවෙල බලකොටුවයි. කොළඹ කොටුවේ සිට එන ඕනෑම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේය. එහි සිටි වීර අංගක්කරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වරම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වු අතර ප්‍රධාන මාර්ගයෙන් හා කැළණි ගඟින් ආවරණය වී පැවතිණි. රාජසිංහ රජුගේ නියමයෙන් මෙම කඩුවෙල කඩවත් බලකොටුව භාරව සිටියේ —කොරතොට ආරච්චි˜ නම් වු අංගං සටන් පරපුරේ වීර සටන් ශිල්පියෙකු වු කොරතොට කුරුප්පු ආරච්චි විය. කුරුප්පු ආරච්චිගේ සටන් වික්‍රමයන් මුළු රටම දැනහැඳින සිටිය හ. මේ හේතු කාරණා නිසාම පණට ආදරයක් ඇත්තෙක් කඩුවෙල බලකොටුව බිඳීමට උත්සාහ ගත්තේ නැත.

 

මෙලෙස පුහුණු කළ අංගංකරුවන් විශාල පිරිසක් කඩුවෙල බලකොටුවට රැස් වු අතර සියලූ අවි ආයුධ ද කඩුවෙල බලකොටුවේ තැන්පත් කෙරිණි. එහිදී කඩුහරඹ කළ ස්ථානය අද ද කඩුගං මැඩිල්ල ලෙස හඳුන්වයි. මේ අනුව මුල්ලේරියා යුද්ධයේ නිල ආයුධ ගබඩාව කඩුවෙල බලකොටුව බවට පත් විය. රාජසිංහ රජු සිය යුද කස්තානය තැන්පත් කරන්නට ඛෙනයක් ඇසුරින් සකසා ගත් පැරණි මසන් ගස අද ද එහි නිරුපද්‍රිතව ඇත. නුවර යුගයේ ලියැවු “නම් පොත“ ලෙස හඳුන්වන පුරාණ ග්‍රන්ථයේ ද මෙම ස්ථානය —“කඩු දෙවොල“ ලෙස හඳුන්වයි.

 

මෙසේ කඩුවෙල බලකොටුවේ සිට නැවත සේනාව මෙහෙය වු රාජසිංහයන් පෘතුගීසින්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වු එම භාරය ඔප්පු කරනු වස් එහි තැනවු පත්තිනි දේවාලය —රන්කඩු දෙවොල ලෙස හැඳින්වේ.

 

සිංහලයෙහි විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්‍රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයක දී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැ වු එම යුද ජයග්‍රහණය රාජාවලය ආදී ග්‍රන්ථයන්හි ස්‍රදහන් වී තිබේ.

 

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ආරක්ෂාව පැවරුණු කොරතොට ආරච්චිවරුන්ගෙන් සටන් ප්‍රධානී වු මහන්ත ආරච්චි පරපුර වර්තමානය දක්වාම අතීත සම්ප්‍රදාය නොකඩා එම චාරිත්‍ර වාරිත්‍ර සමඟ අංගං ශාස්ත්‍රය ද සුරැකිව පවත්වා ගෙන එයි.

 

මුල්ලේරියා රණබිමේ වර්තමාන තත්ත්වය

මුල්ලේරියා මහා සංග්‍රාමය යනු මෙරට ජනතාවගේ තොලග රැඳි මහා වික්‍රමයක් වනවාත් සමඟම එහි උරුමය හිමි මුල්ලේරියා භූමියෙන් එම ගෞරවය මකන්නට ඉතිහාසයේ දී ගත් උත්සාහයන් අනන්තය. එහි එක් ප්‍රතිභලයක් වන්නේ මුල්ලේරියා ප්‍රදේශයේ මානසික රෝහලක් පිහිටුවීමයි.

මෙසේ මකා දමන්නට උත්සාහ කෙරුණ මුල්ලේරියා සටන නැවතත් සිහිපත් කරනුවස් මුල්ලේරියා වෙළ ආග්‍රිතව අංගම් මඩුවක්, කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ආදීකොටගත් සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයට අමතරව මුල්ලේරියාව පිළිබ්‍රදව ලියැවෙන ග්‍රන්ථ එලිදැක්වීම හා www.mulleriyawa.org නමින් වෙබ් අඩවියක් ද පවත්වාගෙන යාමට අදහස් කොට ඇත.

Angampora