ලිපි එකතුව - කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි.

Articles

Total Pages: for Total Articles

මුල්ලේරියා යුධ ජයග්‍රහණය සැමරීම

1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 450 වැනි සැමරුමයි.   සීතාවක රජවාසලේ විශ්වාසවන්තම බලකොටුව බවට පත් වුයේ කඩුවෙල බලකොටුවයි. කොළඹ කොටුවේ සිට එන ඕනෑම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේය. එහි සිටි වීර අංගක්කරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වරම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වු අතර ...     Read more »
Published on : 2012-08-11
Language : සිංහල

අභියෝගාත්මක 25 වෙනි දින මොකද වුණේ...

2011 අගෝස්තු 21 වන දින ඉරිදා ලංකාදීපයේ සඳැල්ල හා තරුණයා අගෝස්තු 20 වන දින තරුණයා පුවත්පතේද අප ගුරුතුමන් වන ආචාර්ය අජන්ත මහන්තාරච්චි ගුරුතුමන් විසින් කරන ලද ඌරා ළි‍ඳේ අංගං කෙටීමේ අභියෝගයට කුමක් වූයේ දැයි පුන පුනා බලා සිටින අයට යමක් කිව යුතු නිසා මෙම ලිපිය ලියනවා හැර සරළව කිව යුත්තේ නම් මොකුත් සිද්ධ වූයේ නැත යන්නයි. සම්මේලන පවත්වමින්, මහා පරිමාණයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අංගම් සටන් උගන්වන අංගම් කාරයින් සිටිනා මෙම කලියුගයේ අභියෝගයක් කළ විට එය භාර ගැනීමට තරම් කෂේරුවක් ඇති එකෙක් හොයා ගැනීමට නොහැකි වීම කණගාටුදායක ය. මෙම ...     Read more »
Published on : 2011-08-27
Language : සිංහල

ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට අංගං ශිල්පීන් යැයි පෙනී සිටින සැමට විවෘත අභියෝගයක්

සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෙෘර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් ...     Read more »
Published on : 2011-08-23
Language : සිංහල

Total Pages: for Total Articles